Friday, April 23, 2010

Java Robot (‘’,)







සුභ අලුත් අවුරුද්දක් හැමෝටම ! ! !
ඉතින් ඔන්න මම මේ අලුත් අවුරුද්දෙ පොඩ්ඩක් Java Programming  වලට ආස හිතෙන විදියෙ ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුවා.
ඔක්කෝටම කලින් ඔයාල හැමෝගෙන්ම පුන්චිම පුන්චි ඉල්ලීමක් කරන්න ඕනෙ, ඒ තමයි මේකට use කරල තියෙන code කාටවත් කරදරයක් කරන්න නම් පාවිච්චි කරන්න නම් එපා කියන එක.
ඔයාලට මතක ඇති අපි මුල්ම පියවර විදියට java වලින් software එකක අතුරු මුහුනතක් එහෙමත් නැත්තන් interface එකක් හදා ගත්තා.(My First Java Program)ඉතින් අපි මේ පාරත් ඒ විදියටම අලුත්ම program එකක් හදාගන්න විදිය පොඩ්ඩක් ඉගෙන ගමු. මේ සැරේ අපි කරන්න යන්නෙ ටිකක් විතර FUN වැඩක් කියලයි මට හිතෙන්නෙ.(ඔයාලට එහෙම හිතෙන එකක් නැද්ද දන්නෙ නෑ හැබැයි.) ඉතින් කෝකටත් කියල අගේ කරන එක පැත්තකින් තියල වැඩේ කියල ඉන්නම්කෝ.ඔන්න ඔයාල හොදයි කියල හිතෙනව නම් විතරක් කරල බලන්නකෝ....
මේ වැඩේ කරන්න මම use කරල තියෙන ප්‍රධාන class එක නම් හැබැයි අපේ syllabus එකට නැහැ. ඒත් මම හිතුවා මේකෙ තියෙන for loop ටික තේරුම් ගන්න එක ඔයාලට හතරවෙනි පාඩමේ Iterative Statement කරද්දි පුන්චි හරි උදවුවක් වෙයි කියල.
ඉතින් program එක සරලයි.
1). මුලින්ම අලුත් Notepad එකක් open කරගෙන පහල තියෙන code එක type කරගන්න.


import java.awt.Robot;
import java.awt.event.*;
//@author bit-revision.blogspot.com
public class MyRobot {
public static void main(String[] args) {
try {
Robot r = new Robot();
r.keyPress(KeyEvent.VK_WINDOWS); r.keyRelease(KeyEvent.VK_WINDOWS);  Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_P); r.keyRelease(KeyEvent.VK_P); Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_RIGHT); r.keyRelease(KeyEvent.VK_RIGHT); Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_A); r.keyRelease(KeyEvent.VK_A); Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_RIGHT); r.keyRelease(KeyEvent.VK_RIGHT); Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_P); r.keyRelease(KeyEvent.VK_P); Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_ENTER); r.keyRelease(KeyEvent.VK_ENTER); Thread.sleep(200);
r.keyPress(KeyEvent.VK_ALT); r.keyPress(KeyEvent.VK_TAB); Thread.sleep(200);
r.keyRelease(KeyEvent.VK_ALT); r.keyRelease(KeyEvent.VK_TAB); Thread.sleep(200);
r.mouseMove(100, 100); Thread.sleep(500);
r.mousePress(MouseEvent.BUTTON1_MASK); r.mouseRelease(MouseEvent.BUTTON1_MASK);
for(int i=0;i<100;i++){
r.mousePress(MouseEvent.BUTTON1_MASK); r.mouseMove(100+i, 100); Thread.sleep(20);
}
r.mouseMove(150, 100);
for(int i=0;i<100;i++){
r.mousePress(MouseEvent.BUTTON1_MASK); r.mouseMove(150, 100+i); Thread.sleep(20);
}
for(int i=0;i<25;i++){
r.mousePress(MouseEvent.BUTTON1_MASK); r.mouseMove(150-i, 200+i); Thread.sleep(20);
}
for(int i=0;i<25;i++){
r.mousePress(MouseEvent.BUTTON1_MASK); r.mouseMove(125-i, 225-i); Thread.sleep(20);
}
r.mouseRelease(MouseEvent.BUTTON1_MASK);
} catch (Exception ex) { }
}
}







2). ඊට පස්සෙ ඒ Ctrl+S press කරල C: drive එකේ save 
කරගන්න.(MyRobot.java)


3). ඉන් පසුව start > run වෙත ගොස් CMD ලෙස type කර enter කිරීමෙන් Command Prompt එකක් ලබා ගන්න.


4). ඉන් පසු Path එක Set කර ගෙන ඇත්නම් Compile කිරීම සදහා C: වෙත ගොස් javac MyRobot.java ලෙස type කර enter කරන්න.
Path එක Set කරගෙන නැත්නම් එය කර ගැනීමට Set Java Path යන්න උදව් කරගන්න.



5). ඉන් පසු Error කිසිවක් මතු නොවූයේ නම් Run කරවීම සදහා java MyRobot ලෙස type කර enter කරන්න.


6). ඔබට දැන් ඔබගේ අනුදැනුමකින් තොරව Paint හි රූප අදිනු දැකගත හැකි වනු ඇත.
  

Run කර බැලීමට අවශ්‍ය නම් මෙතනින් Download කරගෙන Double Click කරන්න.


SHALL WE DISCUSS